Sunday, April 17, 2011

ලියන, කියවන ලබැඳි ඔබ හට...

සිතුනා ලියන්නට වදනක් ලබැදි සිතින්
දැක ප්‍රතිචාර, සටහන්, සුභ පැතුම් මිට..
වියුණු සටහනේ දියුණුව, වර්ධනය
සිකුරුයි දෙතුන් ගුණ වනවා නව වසරේ..

නව අදහසින්, නිමැවුම්, නව පැතුම් වලින්
දෝරේ ගලා යනු මේ-බ්ලොග් අවකාශේ..
පන්හිද පණ පොවා නිදහස් සිතිවිල්ලෙන්
රටට-දැයට හැමහට වේ වේ සුභ වේ..!

බුද්ධි මල්ලව
2011/04/18

Friday, April 15, 2011

මල්ලී නැති අවුරුද්ද...!

එරබදු, කොහා, කැවිලි-පෙවිලි හැම පැත්තේ..
ජන ගී, රතිඤ්ඤා සැනකෙලි සිරිගත්තේ..
නෑදෑ හිතවතුන් හැම ආසිරි මැද්දේ..
ඔබ නැති අඩුව පාළුව සිත පිරිගත්තේ..

දින දසුනේ දින එක එක ගනින්නයි..
දින ගෙවෙන්නෙ හෙමිහිටදෝ සිතෙන්නයි..
උපාධි නිමා කර නිවසට වඩින්නයි..
එතෙක් ඔබට ජයපිට ජය ලැබෙන්නයි..!


බුද්ධි මල්ලව
2011/04/15

අවුරුදු සුභ පැතුම්...!

මල් පිපිලා නව අවුරුදු කැන්දන්නයි
පල පිරිලා හැම සතුටින් ඉතිරෙන්නයි
සිතේ සතුට සැනසුම විසිරී යන්නයි
සැම සතහට නව වසරම සුභ වෙන්නයි...!



බුද්ධි මල්ලව
2011/04/15