Monday, October 17, 2011

'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

විවිධ කාටුන් චරිත රූප පෙට්ටියෙ මවා - 
              අප ළමා ලෝකයම බෝ සුවඳවත් කළා
දිරි චරිත, විරු චරිත, සුදු චරිත ගොඩ නඟා - 

              ළමාසිත් රන්හුයෙන් ඒවාට බැඳ තබා
'රොබින් හූඩ්' මළ දවස අපේ සිත පෙළුනු දුක - 

              සිය දහන් ගුණයකින් අපේ සිත පුරවලා
ළමා ලොව මහා විරු අපේ ආදරණීය - 

              'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

බුද්ධි මල්ලව
2011/10/18