විවිධ කාටුන් චරිත රූප පෙට්ටියෙ මවා -
අප ළමා ලෝකයම බෝ සුවඳවත් කළා
දිරි චරිත, විරු චරිත, සුදු චරිත ගොඩ නඟා -
ළමාසිත් රන්හුයෙන් ඒවාට බැඳ තබා
'රොබින් හූඩ්' මළ දවස අපේ සිත පෙළුනු දුක -
සිය දහන් ගුණයකින් අපේ සිත පුරවලා
ළමා ලොව මහා විරු අපේ ආදරණීය -
'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...
බුද්ධි මල්ලව
2011/10/18
සහෝ, ඔහු සමඟ අපිට තියෙන්නෙ ලේ නෑකමක් කියලා හිතෙන තරමට ඔහු අපිට සමීපව හිටියා කියලා හිතෙන්නෙ ඔහු නැති වුණ බව ඇහුවහම හදවත පුරවලා දාපු දුක නිසාම තමයි.
ReplyDeletehttp://thoughtsoflucky.blogspot.com/2011/10/blog-post_7549.html
ඇත්තමයි සහෝ, ඔහු කලාතුරකින් පහලවන අති විශිෂ්ටයෙක්..
ReplyDelete