Wednesday, February 21, 2018

කෘතගුණ පුද පඬුරු ගෙන, ඔබේ දෙපාමුළට, එනවා සත්තමයි...

මහා ඇඳිරිඳු සාවිත්‍රී ගුණසේකරයන්
නීතිය පරතෙරටම උගෙන,
දස දහස් සිසු දරුවනට,
නීති මංපෙත්,
නිති විවර කරදුන්
ඒ උත්තමාවියට,
කෙළෙහිගුණ දක්වන්න,
ඒ උරුම කරදුන්,
මඟ ගමන් කරනා
සොයුර සොයුරියේ,
අපෙ පරම යුතුකමයි..!

අපේ පෙර මං වෙනුවෙන්
ඇඟේ තුඩැඟිලි 
කෙතරම් වෙහෙසුනිද?
යතුරු ලියනය නොහැකි වූ තැන
වේගයෙන් සරමින්, එතුඩැඟිලි... 
සිය අසහාය පෞර්ෂය
තීන්ත බවට පත්කොට,
බිඳිය නොහැකි ලෙස
නිබයව, නොසැලව,
තර්ක-ප්‍රතිතර්ක කරමින්
දුරස් සිප් මඟ තුළ
නීති සිසු දිවි ඔසව තැබුමට
ගුරු මව්නි සිඳු කළ 
අසහාය සේවයට
කෙළෙස පුදමුද කෘතගුණ...

උත්තමාවනි,
ඔබේ වෙහෙසෙන්
බිඳි යදම් වල
ඵල ලබන අප
සදාකල් ණය ගැතියි
ගුරු මව්නි...
කෘතගුණ පුද පඬුරු ගෙන
බැතිපෙම් පුදන්නට 
ඔබේ දෙපාමුළට 
එනවා සත්තමයි...

-ආරච්චි-

රූ

සුභ පැතුම් ගුරුතුමනි..!

සිසු-සිසුවි,
හඳ-මන,
ඇඳ-බැඳ ගත්,
විවෘතයේ දිසාපාමොක්
ඇඳුරු තෙම,
නික්ම යයි...
ඔහුට සුපුරුදු
තක්සලාවෙන්,
නංවමින් සෝ-සුසුම්,
සිසු-සිසුවි
හඳ-මන තුළ...

සුභ පැතුම්

ගුරුතුමනි,
සුපැහැදිලි අනාගතයකට!
පෙන්වන්න පෙරමඟ
දස දහස් ගණනක්
දරුවනට..

-ආරච්චි-

Friday, January 26, 2018

සංසාර ජීවිතය...

හතිලමින්,
පැකිලෙමින්,
නිදිවරමින්,
මසු සොයමින්,
එමසු වැයකරමින්,
දින ගෙවමින්,
බොහෝ ආමුත්
මේ සසර ගමනේ...
නිමා නැත,
තව බොහෝ ඇත...
දා කඳුළු වගුරන්න...
මේ සසරෙ කැරකෙන්න...
එඩිගන්න... දිරි ගන්න... තව යන්න...

-ආරච්චි-

කුසුම!

මගෙන් උදුරා ගත් ඒ කුසුම
මගෙන් ඉදිරී ගිය කුසුම මත
හිනැහෙමින් සරදම් කළායුරු
අද වගේ මතකයි... අද වගේ මතකයි!

-ආරච්චි-

Saturday, June 17, 2017

රකිනු මැන බුදුනට පිදූ මේ - මගේ මව්බිම සිංහලේ!

ගෙවල් පහකට පල්ලියක්
ඉඳිවු විට නම් කම් නැතේ
එලවු සිහලුන් යළි අවුත්
පන්සල තැනුම තහනම් වෙතේ

රජ පුතුන් තැනු අපේ උරුමය 
දිනෙන් දින ඩෝසර් වෙතේ
සොළොස්මස්තැන් නාගදීපයේ
බුදුරුවට තහනම වැටේ

රටේ උරුමය අපේ උරුමය
හතර වටෙන්ම වැනසෙතේ
පුරා විදුවේ නිලධාරියෝ
අහෝ සැතපෙති මුනිවතේ

රටට හෙනයක් කඩා එනවිට 
නැඟෙන හඬ කහ චීවරේ
නීති බලයෙන් රාජ බලයෙන්
වසා දැමුමට සැරසෙතේ

අන්තවාදය ආක්‍රමණය
රටපුරා ඔටු හැතිකරේ
මොකද මේ හෙළයාට වූයේ
පුංචි පවුලේ සාපෙ-නේ

දස දහස් ගණනක පටන් ආ
මහා උරුමය සිංහලේ
මෙත් කරුණාව බද්ධ වූවා
උතුම් දහමෙන් තිසරණේ

දෙව් රඳුණි මේ ලක සුරකිනා
බලා මේ මහ ව්‍යසනේ
රකිනු මැන බුදුනට පිදූ මේ
මගේ මව්බිම සිංහලේ

-ආරච්චි-

රූ

Tuesday, March 7, 2017

එරාවුර්හි රජයෙ ඉඩම් - උන් අල්ලති බලෙන් හිටන්! දිවා රැයේ වැඩලු හිටන්... හිටන් හිටින් බලන් හිටන්!

















එරාවුර්හි රජයෙ ඉඩම්
උන් අල්ලති බලෙන් හිටන්
දිවා රැයේ වැඩලු හිටන්
හිටන් හිටින් බලන් හිටන්

රජයේ නිලධාරියාට
බැහැලු මේක නවතගන්ට
දර ඉපලක් කපාගන්ට
බැහැ-තහනම්! දකුණෙ උන්ට

නිලධාරිත් උන්ගෙම උන්
පාලකයොත් උන්ගෙම උන්
අනෙ නීතිය තව නැමියන්
සිංහලයට කෙළවෙනකන්

උන්ට නැද්ද පොදු නීතිය
මුසලුවීම හරි වාසිය...
ආණ්ඩුවෙත් විපක්ෂයෙත්
උන් ඔක්කොම එකම යාය

විල්පත්තුවෙ කැලෑ කැපුම
එකට හිටන් හරිය කීම
හැමට පෙනෙන කොල්ල කෑම
රෙදි ගලවල සුද්ධ කෙරුම

පෙනෙනා දෙය මෙසේම නම්
නොපෙනෙන්න්නට කෙසේම වෙම්
අන්තවාදෙ මේ මුස්ලිම්
නවත්තන්ට බලකරපන්

නීතිය හැමටම සමාන
යහපාලනෙ අපේ සිහින
බොඳවෙනවා අනේ මෙහෙම
යළි අරඹමු පුරුදු සටන!

රූ මූලාශ්‍රය - හිරු පුවත් (2017/2/21)

උත්තරීතර නීතිය!











කැලෑ පාලුවන් අභියස සැතපෙන,
දෙස්පාලුවන් අභියස ඇඹරෙන,
පොලිස්පතිවරයා නවන,
රජයේ නිලදරුවන්ට සෘජුවන,
අහිංසකයන්ට රළුවන,
කම්කරුවන්ට,සිසුනට බැටදෙන,
මන්ත්‍රීගෙ පක්ෂය අනුව සෙලවෙන,
දමිළ මුස්ලිම් ජාතිවාදයට නිහඬ,
ඇතැමෙකුට ධන උල්පතක් වන,
ඔබත් මමත් සරණ යන,
අහෝ... උත්තරීතර නීතිය!

රූ මූලාශ්‍රය