Friday, May 6, 2011

ඒ අමා දම් මඟ...


අටලෝ දහම, චතු ආරිය සත්‍ය දෙසූ
සම්මා සමිඳු මේ මනු ලොව එලිය දුටු
දෙදහස් හයසියක් වසරක් පසු කරමු
දම් පිලිවෙත් පුරා සතුටින් පෙළ ගැසෙමු

එව, බලව'යි කිව හැකි දම් කඳ වැපිරූ
තම නිවීම තම අතමයි පසක් කෙරූ
එම දම් කඳේ පල නෙලුමට මඟ පෙන්වූ
මා හිමි සඳුනි සුදම් කඳෙහි අප ගිල්වූ

සිව් වන පිරිසකට අනුගාමිකයන්ව බෙදා
ඒ ඒ පරිදි ඔවදන්-විනකම් පනවා
සසරේ දුකින් මිදුමට මඟ විවර කලා
බෝසත් කුමරු සිදුහත් මව් කුසින් පියා

ගිහිගෙය දුකකි කරදරයකි බව දන්න
ඒ ගැන සිතා වැඩ කටයුතු කර ගන්න
කුසල් වලින් දිවිමග නිති පුරවන්න
ගිහි ගෙය තුලම සිට හැකි නොවැ, සිහිගන්න

දම් මඟ සුවය විඳුමට සිත යොමුවෙන්න
පෙරපින්, සසරෙ පුරුදුම මඟ පෙන්වන්න
හැඟුනොත් ගිහි ගෙදර බැරි බව ජය ගන්න
බාධක අතැර හොඳ වෙයි එය හැර යන්න

බුද්ධි මල්ලව
2011/05/06