Sunday, June 10, 2012

අභය දානය...

පසු ගිය පොසොන් පෝදා, ගියා මම පිංකමකට අභය දෙන,
තැන සියනෑ කෝරළයෙ, හෙනරත්ගොඩ, පහලගම...
කිරි මවකට ලැබුනා නිදහස, උට්ඨාන වීරිය නිසා උතුම් ලඳකගෙ,  සාදුනද මැද උවැසි උවැසියන්ගෙ...
දුප්පත් ඈ, රජයේ මහජනයට අයිති බැංකුවක, පිරිසිදු කරන, සුළු සේවිකාවක්...
සැමියගේ අකල් මරණයෙ තුන් අවුරුදු කාලයට,
ඈ මුල්වෙලා, දිවි දුන්න, මරණයට කැප උනු කිරිමවුන් තිදෙනෙකුට...
මෙවර මඳි උනු රුපියල් අටදහස, ඈ අරගෙන තිබෙන්නේ ඇගෙ දුප්පත් බැංකු පොත සූරල...
ඒ උතුම් පිංකමට බැතිසිතින් උරදෙන ගමන්,

ඊලඟ පිංකමට, මුල්ම ආධාරයට, මම දායක උනා බොහොම කැමත්තෙන්...
මට ගොඩක් දුක හිතුන, මට ලැබුනු පසු ආරංචියකට...

...
...
ඈ වැඩ කරන ඒ බැංකුවෙ කලමණාකාරතුමා, ඒ පිංකමට ආධාර කරල තියෙන්නේ රුපියල් දෙසීයකින්...

බුද්ධි මල්ලව
2012.06.10

Tuesday, March 27, 2012

දිවි මඟ හැට විය ගෙවන උතුම් ළඳ-මා දිවි එළිකල ආදර මව් වෙත...

නොහැක මා හැඟුම් වදන් කරනට-බස සමත් නැත ඒතරම්
ලඝු කොට පවසමි ඒ සිතිවිලි පොද-නැගෙනා මා හඳ පත්ලෙන්
මගෙ පණ සමාන මගෙ සුදු අම්මේ-ආදරෙයි අපි බොහොමත්
මගෙත් ආයු ගෙන සියක් ආයු ලැබ-ජීවත් වේවා බෝ කල්...


බුද්ධි මල්ලව

2012.03.24