Wednesday, February 21, 2018

කෘතගුණ පුද පඬුරු ගෙන, ඔබේ දෙපාමුළට, එනවා සත්තමයි...

මහා ඇඳිරිඳු සාවිත්‍රී ගුණසේකරයන්
නීතිය පරතෙරටම උගෙන,
දස දහස් සිසු දරුවනට,
නීති මංපෙත්,
නිති විවර කරදුන්
ඒ උත්තමාවියට,
කෙළෙහිගුණ දක්වන්න,
ඒ උරුම කරදුන්,
මඟ ගමන් කරනා
සොයුර සොයුරියේ,
අපෙ පරම යුතුකමයි..!

අපේ පෙර මං වෙනුවෙන්
ඇඟේ තුඩැඟිලි 
කෙතරම් වෙහෙසුනිද?
යතුරු ලියනය නොහැකි වූ තැන
වේගයෙන් සරමින්, එතුඩැඟිලි... 
සිය අසහාය පෞර්ෂය
තීන්ත බවට පත්කොට,
බිඳිය නොහැකි ලෙස
නිබයව, නොසැලව,
තර්ක-ප්‍රතිතර්ක කරමින්
දුරස් සිප් මඟ තුළ
නීති සිසු දිවි ඔසව තැබුමට
ගුරු මව්නි සිඳු කළ 
අසහාය සේවයට
කෙළෙස පුදමුද කෘතගුණ...

උත්තමාවනි,
ඔබේ වෙහෙසෙන්
බිඳි යදම් වල
ඵල ලබන අප
සදාකල් ණය ගැතියි
ගුරු මව්නි...
කෘතගුණ පුද පඬුරු ගෙන
බැතිපෙම් පුදන්නට 
ඔබේ දෙපාමුළට 
එනවා සත්තමයි...

-ආරච්චි-

රූ

සුභ පැතුම් ගුරුතුමනි..!

සිසු-සිසුවි,
හඳ-මන,
ඇඳ-බැඳ ගත්,
විවෘතයේ දිසාපාමොක්
ඇඳුරු තෙම,
නික්ම යයි...
ඔහුට සුපුරුදු
තක්සලාවෙන්,
නංවමින් සෝ-සුසුම්,
සිසු-සිසුවි
හඳ-මන තුළ...

සුභ පැතුම්

ගුරුතුමනි,
සුපැහැදිලි අනාගතයකට!
පෙන්වන්න පෙරමඟ
දස දහස් ගණනක්
දරුවනට..

-ආරච්චි-

Friday, January 26, 2018

සංසාර ජීවිතය...

හතිලමින්,
පැකිලෙමින්,
නිදිවරමින්,
මසු සොයමින්,
එමසු වැයකරමින්,
දින ගෙවමින්,
බොහෝ ආමුත්
මේ සසර ගමනේ...
නිමා නැත,
තව බොහෝ ඇත...
දා කඳුළු වගුරන්න...
මේ සසරෙ කැරකෙන්න...
එඩිගන්න... දිරි ගන්න... තව යන්න...

-ආරච්චි-

කුසුම!

මගෙන් උදුරා ගත් ඒ කුසුම
මගෙන් ඉදිරී ගිය කුසුම මත
හිනැහෙමින් සරදම් කළායුරු
අද වගේ මතකයි... අද වගේ මතකයි!

-ආරච්චි-