Thursday, October 28, 2010

අම්මා...



මවගේ ආලයට නැතිලු සමකෙරෙන ආලයක්
ඇත්තමයි, දිව්රන්න පුලුවන්-ඒ සැබෑ බව...
මවගෙ ඒ අසීමිත, දාරක සෙනේහය
නොමදනිමි මම, අකුරු කෙරුමට...

පුන්චි උත්සාහයක් දැරුවා...

හැඟුම් වදනට පෙරලන්න...
සිර උනා මම, වචන නොමැතිව...
ඔබේ ගුණ කඳ, සිත වෙලන කල...

අටලෝ දහමෙහි නොසැලෙන...
මෙත්-කරුණා-දයා, සැමට නොඅඩුව බෙදන
සත්‍ය සෘජුව පවසනඅන් දරුවනටත් අපට සේ ආදරය දක්වන...
ලොවේ උතුම් අම්මා ඔබයි...

හැම අම්මාම එහෙමද? මගේ අම්මා වැනිමද?
හිතුනානෙ, හැඟුනානෙ, මට නිරතුරුවම...
මගේ මතකය දිවෙන මානයෙ
ඔබේ දිනදසුන... බොහොම වැඩ අධික නොවැ...

හිමිදිරියෙම අවදිගෙන, පටන්ගන්නවා නොවැ
පවුල වෙත තම යුතුකම් ඉටුකරන්නට,
අනතුරුව රැකියාව... දහසක් වගකීම්... මිලමුදල් රන් රිදී මැද සිරව
එහිදීත් බොහෝ ගණුදෙනුකරුවන්, කියන්නේ ඔබේ හොඳම නොවැ, ගයන්නේ ඔබේ ගුණම නොවැ...


මගේ ආදර අම්මේ,
තුන් දශකයක් මටත්, සොයුරාට හා සොයුරියටත්,
ඊට පොඩි වැඩිකලක් පියාටත්
ඔය කල හරිය හොඳටෝම ඇති නොවැ !

දැන්වත් ඉතින්, ගනිමුකෝ විවේකයක්
විඳිමුකෝ විසුම් සුව...
පසෙකලා ඔබේ ඔය
වැඩ අධික දිනදසුන !


නිමා කරනෙමි මේ වදන් පෙළ...
උපහාරයක් ලෙස, බොහෝ ගෞරවයෙන්, උතුරන දයාවෙන්,
නොනිමි ආදරයෙන්, හද මුලෙන් පැන නගින පැතුමෙන්,
සසර වසනා තුරා වේවා! ඔබ මගෙම අම්මා...!

එම්.ඒ.බී
ජීවිතය විඳින්න...
2010/10/27