Friday, July 12, 2013

ආදරණීය මෑණියනේ

දස මස් කුස දරා, 
ලේ කිරි කර පොවා, 
පන් සාලින් වසක්, 
මන්ද මානසික පුතු වෙනුවෙන්,
අපමණ දුක් දරනා, 
ආදරණීය මෑණියනේ, 
සමා වුව මැනවි මට, 
මා අසමත් නිසා, 
මා දුප්පත් නිසා, 
ඔබේ මව් ගුණ අකුරුකරනට... 

උපහාරයක්ම වේවා! 
පැතුමක්ම වේවා! 
මේ වදන් පෙළ...
ලබන්නට පිරිපුන් දරුවන්, 
සසර වසනා පුරා...

බුද්ධි මල්ලව
2013-7-12

Wednesday, April 24, 2013

ඒ අමා දම් මඟ...

- නව සංස්කරණය -

අටලෝ දහම, චතු ආරිය සත්‍ය දෙසූ
සම්මා සමිඳු මේ මනු ලොව එලිය දුටු
දෙදහස් හයසියක් වසරත් පසුකළෙමු
දම් පිලිවෙත් පුරා දැහැමින් පෙළ ගැසෙමු

එව, බලව'යි කිව හැකි දම් කඳ වැපිරූ
තම නිවීම තම අතමයි පසක් කෙරූ
එම දම් කඳේ පල නෙලුමට මඟ පෙන්වූ
මා හිමි සඳුනි සුදම් කඳෙහි අප ගිල්වූ

සිව් වන පිරිසකට ශ්‍රාවක පිරිස බෙදා
ඒ ඒ පරිදි ඔවදන්-විනකම් පනවා
සසරේ දුකින් මිදුමට මඟ විවර කලා
පින්වත් මහ පිරිස් සසරින් අත් මිදුනා

ගිහිගෙය දුකකි කරදරයකි බව දන්න
ඒ ගැන සිතා වැඩ කටයුතු කර ගන්න
කුසල් වලින් දිවිමග නිති පුරවන්න
ගිහි ගෙය තුලම සිට හැකි නොවැ, සිහිගන්න

දම් මඟ සුවය විඳුමට සිත යොමු කරමු
සසර ගමන දුක් බව වටහා ගනිමු
ගිහිගෙය දුකකි ඒ බාධක ජයගනිමු
සසරින් එතර වීමට නිති වෙර දරමු

බුද්ධි මල්ලව

2013-4-24