Monday, October 17, 2011

'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

විවිධ කාටුන් චරිත රූප පෙට්ටියෙ මවා - 
              අප ළමා ලෝකයම බෝ සුවඳවත් කළා
දිරි චරිත, විරු චරිත, සුදු චරිත ගොඩ නඟා - 

              ළමාසිත් රන්හුයෙන් ඒවාට බැඳ තබා
'රොබින් හූඩ්' මළ දවස අපේ සිත පෙළුනු දුක - 

              සිය දහන් ගුණයකින් අපේ සිත පුරවලා
ළමා ලොව මහා විරු අපේ ආදරණීය - 

              'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...

බුද්ධි මල්ලව
2011/10/18

2 comments:

  1. සහෝ, ඔහු සමඟ අපිට තියෙන්නෙ ලේ නෑකමක් කියලා හිතෙන තරමට ඔහු අපිට සමීපව හිටියා කියලා හිතෙන්නෙ ඔහු නැති වුණ බව ඇහුවහම හදවත පුරවලා දාපු දුක නිසාම තමයි.
    http://thoughtsoflucky.blogspot.com/2011/10/blog-post_7549.html

    ReplyDelete
  2. ඇත්තමයි සහෝ, ඔහු කලාතුරකින් පහලවන අති විශිෂ්ටයෙක්..

    ReplyDelete