Sunday, June 10, 2012

අභය දානය...

පසු ගිය පොසොන් පෝදා, ගියා මම පිංකමකට අභය දෙන,
තැන සියනෑ කෝරළයෙ, හෙනරත්ගොඩ, පහලගම...
කිරි මවකට ලැබුනා නිදහස, උට්ඨාන වීරිය නිසා උතුම් ලඳකගෙ,  සාදුනද මැද උවැසි උවැසියන්ගෙ...
දුප්පත් ඈ, රජයේ මහජනයට අයිති බැංකුවක, පිරිසිදු කරන, සුළු සේවිකාවක්...
සැමියගේ අකල් මරණයෙ තුන් අවුරුදු කාලයට,
ඈ මුල්වෙලා, දිවි දුන්න, මරණයට කැප උනු කිරිමවුන් තිදෙනෙකුට...
මෙවර මඳි උනු රුපියල් අටදහස, ඈ අරගෙන තිබෙන්නේ ඇගෙ දුප්පත් බැංකු පොත සූරල...
ඒ උතුම් පිංකමට බැතිසිතින් උරදෙන ගමන්,

ඊලඟ පිංකමට, මුල්ම ආධාරයට, මම දායක උනා බොහොම කැමත්තෙන්...
මට ගොඩක් දුක හිතුන, මට ලැබුනු පසු ආරංචියකට...

...
...
ඈ වැඩ කරන ඒ බැංකුවෙ කලමණාකාරතුමා, ඒ පිංකමට ආධාර කරල තියෙන්නේ රුපියල් දෙසීයකින්...

බුද්ධි මල්ලව
2012.06.10

2 comments:

  1. මේ රටේ ජනාධිපති කියන එකාට කොන්ද පණ නැද්ද ග‍ව ඝාතනය තහනම් කරන්න. එතකොට හරක් බේරගන්න හම්බයින්ට සල්ලි දෙන්න වෙන්නේ නෑ

    ReplyDelete
  2. තිබෙනවා ඇත්තක්, කථාවේ ඔබ කිව්
    අවථාවක මේ වැනි, උන් ගරනවා හොඳ හැටි..
    නැතිද ක්‍රම වේදයක්, වළක්වන්නට මේ වැඩ?
    කාහටද අපි කිවයුතු, සහගහන මෙවැනි අවනඩු?

    ReplyDelete