Friday, April 15, 2011

මල්ලී නැති අවුරුද්ද...!

එරබදු, කොහා, කැවිලි-පෙවිලි හැම පැත්තේ..
ජන ගී, රතිඤ්ඤා සැනකෙලි සිරිගත්තේ..
නෑදෑ හිතවතුන් හැම ආසිරි මැද්දේ..
ඔබ නැති අඩුව පාළුව සිත පිරිගත්තේ..

දින දසුනේ දින එක එක ගනින්නයි..
දින ගෙවෙන්නෙ හෙමිහිටදෝ සිතෙන්නයි..
උපාධි නිමා කර නිවසට වඩින්නයි..
එතෙක් ඔබට ජයපිට ජය ලැබෙන්නයි..!


බුද්ධි මල්ලව
2011/04/15

5 comments:

  1. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  2. හපොච්චියේ.. මල්ලීට බොහොම අදරේ පාටයි...?
    මකරන්නදෑ ඉතින්...
    මල්ලීටත් ඔබටත් පවුලේ සියල්ලටත් සුබ අලුත් අවුරුද්දක්...

    ReplyDelete
  3. බොහොම ස්තුතියි...
    ඔව් සහොදරය.. මල්ලි නැතුව ගෙදර පාලුයි...

    ReplyDelete
  4. http://thelifefeelit.blogspot.com/2011/04/blog-post.html

    ReplyDelete